13 June 2026

logo

ලෙබනනයේ සිටින ලාංකිකයන් ආරක්‍ෂිත ස්ථාන වෙත



ලෙබනනයේ ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 17දෙනෙක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. 

තානාපති කාර්යාලය සඳහන් කළේ ගැටුම් හේතුවෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් සිදු වී නොමැති බවයි.
 
එලෙස ආරක්ෂිත ස්ථානවලට යොමු කළ පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව ද තනාපති කාර්යාලය සඳහන් කළා. 

මේ වන විට ලෙබනන්හී සිටින ශ්‍රී ලාංකිකයන් 8000කට අධික පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)