colombotimes.lk
සිංහල | English

01 May 2024

මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගනියි



ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු ඉරානය විසින් බේරා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් බවයි.

මෙම යාත්‍රාව දකුණු ජස්ක් නගරයට කිලෝමීටර් 50ක් පමණ ඔබ්බෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ එලෙස බේරා ගත් නාවිකයින් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
(colombotimes.lk)