ශ්‍රී ලංකාව විදේශීය හා දේශීයව ඇමරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙය අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් කාරක සභාව කළ විමසීමකදී එම අවස්ථාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන් සඳහන් කළේ විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 37ක් ලබාගෙන ඇති අතර එය රුපියල් ට්‍රිලියන 19.6ක් බවයි.
ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හරහා සිදු වනවා.
(colombotimes.lk)