07 June 2026

logo

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්



ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී ඇති බවයි. 

මෙම සංචිත ප්‍රමාණය ඉහළ යාම සඳහා චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි සංචිත ද ඇතුළත් වන බවද මහ බැංකුව සඳහන් කළා. 

(colombotimes.lk)