colombotimes.lk
සිංහල | English

18 October 2024


Womens T20 Asia Cup | සිංහ ධේනුවන් අවසන් පූර්ව වටයට



2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සමත් වුණා.

ඒ තායිලන්ත කණ්ඩායම පරාජය කර කඩුලු 10ක ජයක් වාර්තා කරමින්.

එම තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව තායිලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කළේ ලකුණු 93ක් පමණයි.

ජයග්‍රාහී ලකුණු 94ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රහණය තහවුරු කළා. 

(colombotimes.lk)