23 January 2026

logo

දියේ ගිලී ළමුන් තිදෙනෙක්ට දිවි අහිමි වෙයි



වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙක් අද (06) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

මෙලෙස මිය ගොස් ඇත්තේ ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ එක් පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ. 

ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළා. 

එලෙස දියේ ගිලුණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. එච් සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)