ශ්‍රී ලංකා දූත පිරිසක් ලබන මාසයේදී එක්සත් ජනපදයට ගමන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ 2025 අප්‍රේල් 02වනදා සිට ක්‍රියාත්මක වන අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව එක්සත් ජනපද වෙළඳ කාර්යාලය සමඟ සාකච්ඡා කිරීම වෙනුවෙන්.
ඊයේ (15) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට අන්‍යෝන්‍ය තීරුබදු වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවයි.
රටේ ආර්ථික තත්ත්වය අස්ථාවරව පවතින බැවින් අපනයන සඳහා එවැනි තීරුබදු දරා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවත් එම සංචාරයේදී එක්සත් ජනපද වෙළඳ කාර්යාල සාමාජිකයන් සමඟ සාකච්ඡා කර සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.
(colombotimes.lk)