2023 වසරේ වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනෙක් අත්අඩංගුවට නොගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ නීතිපතිවරයා විසින්.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 06දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා රිට් පෙත්සමක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළා.
ඒ අනුව නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇති කර ගත් එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වෙන තෙක් එලෙස ඔවුන් අත්අඩංගුවට නොගැනීමට තීරණය කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවයි.
(colombotimes.lk)