ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින්ද සිය ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇති බවයි.
එමෙන්ම මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේට නිල අවශයෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
