2025 - 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ආදායම 10%කින් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන් සංඛ්‍යාව 22%කින් ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ගුවන් සේවයේ කාර්ය සාධනය ද 74%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ එම අගය සටහන් වුණේ 69%ක් ලෙසයි.
එන්ජින් නොමැතිවීම හේතුවෙන් දීර්ඝ කාලයක් මෙහෙයුම්වලින් ඉවත් කර තිබූ ගුවන්යානා 02ක් යළි සේවයට එක් කර තිබෙනවා.
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ලබන වසර මුලදී තවත් ගුවන් යානයක් අලුත්වැඩියා කර සේවයට එක් කරන බවයි.
(colombotimes.lk)