colombotimes.lk
සිංහල | English

01 May 2024

රාජ්‍ය ඇමති චාමර ගමන් ගත් රථය ගිනි ගනියි



රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වෑන් රථය අද (16) අලුයම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ඒ, බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදීයි.

ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරුට හානියක් සිදුව නොමැති අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ඇල්ල පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා
(colombotimes.lk)