ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ගෙවීම්වල අක්‍රමිකතා පිළිබඳව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය දැනුවත් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් ප්‍රකාශ කළා.
ඒ X පණිවුඩයක් නිකුත් කරමින්.
ශ්‍රී ලංකා බලධාරීන් මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබෙන අතර විමර්ශනයට සහාය වන ඕස්ට්‍රේලියානු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයක්ද පවත්වන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළා.
ඔහු විසින් නිකුත් කළ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට සහායවීමට ඕස්ට්‍රේලියාව කැපවී සිටින බවයි.
(colombotimes.lk)
