06 February 2026

logo

අවධානයෙන් ඉන්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ සැලකිලිමත් වන ලෙස දැනුම්දෙමින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකළපුව යන දිස්ත්‍රික්ක සඳහායි.

එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින 'මෙන්තා' සුළි කුණාටුව හේතුවෙන් තද සුළං ඇති විය හැකි බවයි.

එමෙන්ම එම ප්‍රදේශ සඳහා විටින් විට හමන පැ.කි.මි. (50-60) ක පමණ තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)