අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ හේතුවෙන් දිවයින ආශ්‍රිතව වායුගෝලීය කැළඹිලි ස්වභාවයන් ඇතිවිය හැකි අතර ඉදිරි දිනවල දිවයිනේ වැසි තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතින බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව මහජනතාවට අවධානයෙන් පසුවන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)