31 January 2025


ඩෙංගු මර්දනය වෙනුවෙන් යුධ හමුදාව අනුයුක්ත කිරීමට පියවර



ඩෙංගු මර්දන කටයුතු සඳහා යුධ හමුදාව අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ, ඩෙංගු පරිශ්‍ර පරීක්ෂා කිරීම්, ඇතුළු කටයුතු වෙනුවෙන් ඩෙංගු මර්ධන කාර්ය සාධක බලකාය සඳහා යුධ හමුදාව සිය සහයෝගය ලබා දෙන බවයි.

එමෙන්ම දහම් පාසල් සහ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන ආශ්‍රිත ඩෙංගු පරිශ්‍ර පරික්ෂා කිරීම් මෙන්ම ඩෙංගු මර්ධන කටයුතු ඊයේ (21) සිට ආරම්භ කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය, ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, එහි පළමු අදියර ඊයේ (21) කොළඹ දිස්ත්‍රික්කයේ දහම් පාසල් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ බවයි.

ළඟා වීමට අපහසු ඩෙංගු පරිශ්‍ර පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට පියවර ගෙන ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
(colombotimes.lk)