අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගිතාව සඳහා යෝජිත සැලැස්ම පිළිබඳවයි
මෙම සාකච්ඡාව ඊයේ (22) අරලියගහ මන්දිරයේදී පවත්වා ඇති බව සඳහන්.
එහිදී සංචාරක ප්‍රවර්ධනය සඳහා දෙරට අතර ගුවන් ගමන් වැඩි කිරීමට පියවර ගන්නා බව ඉන්දීය මහා කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ, ඩිජිටල්කරණය, විකල්ප බලශක්ති සහ කෘෂි කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ඉන්දීය ආයෝජන වැඩි කරන ලෙසයි.
(colombotimes.lk)