කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේ තැරැව්කාර සමාගම් බොහෝමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management System - OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
නමුත් පෙරවරු 10.40ට දෛනික ගනුදෙනු නැවත වරක් ආරම්භ කළ බව කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)