20 May 2026

logo

අනාරක්ෂිත ආහාර වෙළඳාමට දැඩි පියවර



උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආයතන 21,796ක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ පසුගිය අප්‍රේල් 01වනදා සිට මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක පිරිසක් එක් වූ බවයි. 

ඒ අනුව අදාළ පරීක්ෂා කිරීම් මඟින් ආහාර වැටලීම් 2,114ක් සිදු කර ඇති අතර එහිදී ආහාර 4,308ක් නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)