දශකයකට පසු ඇති වන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේදී එල්ලවීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා.
මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් ජූලි - අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළයාමෙන් ලොව පුරා කාලගුණ රටාවන්වල විශාල වෙනස්කම් ඇති කරන ස්වභාවික සංසිද්ධියක් ලෙස එල්-නිනෝ තත්ත්වය හඳුන්වනු ලබනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර දෙසින් හමන වායු දහරා, උණුසුම් ජල රැලි ආසියානු කලාපය දෙසට යොමු කිරීම සඳහා බලපෑම් එල්ල කරන අතර, අදාළ කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළයෑමක් සිදු වනවා.
මෙම එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි කලාපවලට සාමාන්‍ය වර්ෂාපතනය අඩු වී දරුණු නියං තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි වාර්තා වන්නේ.
එහි තවත් ප්‍රතිඵයක් ලෙස පැසිෆික් සාගරයට යාබද උතුරු හා දකුණු ඇමරිකානු මහාද්වීප රටවලට අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් වැනි තත්ත්වයන්ට මුහුණදීමට ද සිදුවීමේ හැකියාවක් පවතිනවා.
(colombotimes.lk)
