ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදිවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් හටගෙන ඇති බවයි.
එමෙන්ම පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුවී ඇති අතර මේ හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවී නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(colombotimes.lk)
