08 July 2025

logo

ප්‍රදේශ රැසකට තද සුළං



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වයඹ පළාතටද අද දිනයේ වැසි ඇති වන බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(COLOMBOTIMES.LK)