15 July 2025

logo

දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උතුර සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ බටහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං අපේක්ෂා කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

ඒ අනුව තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)