කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් සිදු කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
පැමිණිලිකරුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිමය කටයුතු කිරීමට අල්ලස් ලෙස රුපියල් 10,000ක මුදලක් ඉල්ලා එම මුදල වෙනත් පුද්ගලයෙක්ගේ මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
