07 January 2026

logo

ඉන්දියාවේ සීනි මිල, වසර 06 කට පසුව ඉහළම අගයක් ගනියි



ඉන්දියාවේ සීනි මිල දෙසතියක් තුළ 3%කට වඩා වැඩි ප්‍රමාණයකින් වසර හයකට පසු ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. 

එම මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ රටේ ප්‍රධාන වර්ධනය වන කලාපවල සීමිත වර්ෂාපතනය ඉදිරි කන්නය සඳහා නිෂ්පාදන ගැටළු මතු වීම බවයි වෙළඳුන් සහ කර්මාන්ත නිලධාරීන් පවසා ඇත්තේ. 
 
මෙය ආහාර උද්ධමනයට බලපෑමක් එල්ලකරමින් දශකයකට වැඩි කාලයක් තුළ ඉහළම අගයට ආසන්න වී ඇති බවත් එය සීනි අපනයනයට ඉන්දියාව අධෛර්යමත් කළ හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
 
මේ අතර වසර හතකට පසු ප්‍රථම වතාවට නැව්ගත කිරීම් නවතා දමමින් ඔක්තෝම්බර් මාසයේ සිට සීනි අපනයනය කිරීම ඉන්දියාව විසින් තහනම් කරනු ඇතැයි අපේක්ෂා කරන බව එරට රජයේ ආරංචි මාර්ග තුනක් පසුගිය මාසයේ රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.
(colombotimes.lk)