27 December 2024


සුජීවගේ සුඛෝපභෝගී රථය CID භාරයට ගැනීමට නියෝග



වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ කළු පැහැති V08 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ මොටර් රථය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල වාර්තා අද (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)