18 March 2025


ගෝඨාභය දුන් නියෝගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව



2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව අද (18) තීන්දු කළා.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවද තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)