18 October 2025

logo

Surfing ක්‍රීඩක Mikala Jones මියයයි



Hawai හි Surfing ක්‍රීඩක Mikala Jones ඉන්දුනීසියාවේ මෙන්ටාවායි දූපත්වල රළ පැදීමේදී අනතුරකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

44 හැවිරිදි Mikala Jones බිඳෙන රළ මැදින් ගමන් කරන විට ඔහු රූගත කරන ඔහුගේ විස්මිත වීඩියෝ දර්ශන නිසා ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වූ බව විදෙස් මාධ්‍ය පවසනවා. 
 
ඔහුගේ මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු මාධ්‍යයට මුදාහැර නොමැති බවයි සඳහන් වන්නේ. 
 
Surfing ලෝක ශූරයෙකු වන Kelly Slater Instagram’හි සටහනක් තබමින් සඳහන් කරන්නේ ඇදහිය නොහැකි තරම් දක්ෂ surfing ක්‍රීඩකයෙකු ලෝකයට අහිමි වූ බවයි.
(colombotimes.lk)