17 October 2025

logo

අයිස් රැගෙන ආ සැකකරුවෙක් ධීවර යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට



පසුගියදා තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු විදෙස් රටක සිට අදාළ මත්ද්‍රව්‍ය තොගය ටෝලර් යාත්‍රාවකින් ගෙනවිත් කුඩා ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)