කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 750ක්, මුදල් රුපියල් 110,000ක් හා විද්‍යුත් තරාදියක් සමඟ මහාපරිමාණ කේරළ ගංජා ජාවාරම්කාරියක් කළුතර උතුර පොලිස් වසමේ රතනජෝති මාවත කුඩා වස්කඩුව යන ලිපිනයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ ස්ථාපිත මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකාරිය බොම්බුවල නවින් නැමැත්තාගේ ජාලයේ සාමාජිකයෙක් වන කදනආරච්චිගේ නුවන් ඉරේෂ් ප්‍රනාන්දු යන මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ මත්ද්‍රව්‍ය බෙදාහරින වයස අවුරුදු 44ක් වන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
(colombotimes.lk)
