හෙරොයින් ග්රෑම් 05 මිලි ග්රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) ගල්කිස්ස පොලිස් වසමේ ජනතා මාවත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන අත්තිඩිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)