10 February 2025


හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (09) මාලිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජිඩ් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන මාලිගාවත්ත, ජුම්මා මස්ජිඩ් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)