24 February 2025


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (23) වැල්ලම්පිටිය පොලිස් වසමේ සිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

(colombotimes.lk)