10 February 2025


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 650ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (09) මාදම්පිටිය පොලිස් වසමේ මිහිජය සෙවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)