නීත්‍යානුකූල නොවන අන්දමින් මෙරටට ගෙන්වා ඇති යතුරුපැදි 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අතුරුගිරිය පොලිස් වසමේ මිලේනියම්සිටි නිවාස සංකීර්ණ ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
