11 July 2025

logo

සිරියානු - ජොර්දාන ගුවන් කලාප වැසෙයි



ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියානු ගුවන් කලාපය වසා දැමීමත් සමඟ ඩැමස්කස්, සනාස් සිරියානු ගුවන් සේවය අද (15) ගුවන්ගත කිරීමට නියමිත සියලුම ගුවන් ගමන් අත්හිටුවන බව නිවේදනය කර ඇති බවයි. 

මගීන්ගේ සහ ගුවන් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පළිබඳ සැලකිලිමත් වෙමින් අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් ගුවන් ගමන් අත්හිටුවීම නැවත දැනුම්දෙනතුරු දිගටම පවතින බවයි වාර්තා වන්නේ. 

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත වතාවක් සිය ගුවන් අවකාශය වසා දැමීමට ජෝර්දානය කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)