31 May 2026

logo

T20 WC | අවසන් පූර්ව වටයේ පළමු තරගය අදයි



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.

ඉන්දියාවේ කොල්කටාහී Eden Gardens ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ වීමට සැලසුම් කර තිබෙනවා.

අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම එළඹෙන 8වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතයි.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(COLOMBOTIMES.LK)