නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන T20 තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නිනියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 271ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.
මෙය වාර්තා වුණේ ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස් කළ පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මෙහිදී ඉශන් කිශන් පන්දු 43කින් ලකුණු 103ක් රැස් කිරීමට සමත්වුණේ ඔහුගේ පළමු T20 ශතකය වාර්තා වුණා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයෙක් රැස් කළ පස්වන වේගවත්ම ශතකය ලෙස ඉශන්ගේ ශතකය වාර්තා වුණා.
එමෙන්ම සූර්ය කුමාර් යාදෙව් පන්දු 30කින් ලකුණු 63ක් රැස් කළා.
(colombotimes.lk)
