05 May 2026

logo

T20 ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි - ශ්‍රී ලංකාවේ ස්ථානය බංගලියන්ට



නවතම T20 ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල 09වන ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 08වන ස්ථානයේ රැඳී සිටියා.

ඒ අනුව බන්ගලද්ෂ කණ්ඩායම 09වන ස්ථානයේ සිට 08වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙහි පෙරමුණ හිමි කරගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායම විසින්.



(COLOMBOTIMES.LK)