2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයන් 67,762දෙනෙක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ අදාළ කාල සීමාව තුළ එක් දිනක වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 6වනදා වාර්තා වී ඇති බවයි.
එදින ශ්‍රී ලංකාවට සංචාරකයන් 9,275ක් පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එමෙන්ම මෙම දින 8 තුළ වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 11,367ක් ලෙසයි.
එමෙන්ම රුසියාවෙන් සංචාරකයන් 8,425ක්, එක්සත් රාජධානියෙන් 6,067ක් සහ ජර්මනියෙන් 5,306ක් මෙරටට පැමිණ තිබෙනවා.
(colombotimes.lk)
