දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ශ්‍රී ලංකාව නැවත කාර්යක්ෂමව ගොඩනැගීමේ ජාතික ක්‍රියාන්විතය අද (13) සිට ආරම්භ වනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවයි.
2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒම සහ 'Rebuilding Sri Lanka’ අරමුදල මඟින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබාගැනීමද සිදු වනවා.
(colombotimes.lk)
