නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයන් පිරිසක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.
මෙම ධීවරයන් ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙරට මුහුදු සීමා නීති උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මත මෙම ඉන්දීය ධීවරයන් දසදෙනා සහ ඔවුන්ගේ යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුව ගත් පිරිස සහ යාත්‍රාව කරෙයිනගර් නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
