13 January 2026

logo

විමල්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව තවදුරටත්



හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
 
ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගන්නා ලෙස සහ අග්‍රාමාත්‍යවරියට අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙස බලකරමින්.

එහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ මෙම ප්‍රතිසංස්කරණ හකුළාගන්නා තුරුම සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

සත්‍යග්‍රහය සඳහා අට්ටාලය ඉදිකරන අවස්ථාවේ පොලීසියෙන් ඊට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව එම ස්ථානයේදී මහජන අත්සන් ලබා ගැනීම ද ඊයේ (12) ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)