20 May 2026

logo

හෙටත් උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක  නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු,  උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල හෙට (20) උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකි බවයි.

(colombotimes.lk)