දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙබරවාරි මස 08 සිට 11 දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) ප.ව 2.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)
