නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ තවත් ඉන්දීය ධීවරයන් 10 දෙනෙක් දකුණු මන්නාරම මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් පැමිණි යාත්‍රාවක්ද සිය භාරයට ගත් බවයි.
වසරේ ගතවූ කාලසීමාව තුළ ඉන්දීය ධීවරයන් 75ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියේ එහිදී යාත්‍රා 8ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවයි.
(colombotimes.lk)