නාවික හමුදාව විසින් උතුරු මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 10දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩෙල්ෆ් මුහුදේදී යාත්‍රා 02ක් සමඟ ධීවරයන් 06දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මන්නාරමේදී ධීවරයන් 04 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ මෙහිදී ඔවුන් පැමිණි යාත්‍රාවක්ද සිය භාරයට ගත් බවයි.
ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදී තිබෙනවා.
(colombotimes.lk)