මුහුදුබඩ මාර්ගයේ දිරා ගොස් ඇති රේල් පීලි වෙනුවෙන් රේලි පීලි දස දහසක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රේල් පීලි දිරායාමත් සමඟ මුහුදුබඩ මාර්ගයේ පානදුර හා කොටුව අතර වේග සීමා පනවා ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවයි.
ඒ අනුව රේල් පීලි ආනයනයත් සමඟ මේ වසරේ දෙසැම්බර් වන විට මුහුදුබඩ මාර්ගයේ වේගසීමා ගැටලු 70%කින් පමණ විසඳීමට හැකි වන බවයි.
මේ අතර මුහුදුබඩ මාර්ගයේ පාලම් 7ක් නවීකරණය සඳහා ලබන මාසයේ ටෙන්ඩර් ප්‍රදානය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
