14 March 2025


ක්ෂය රෝගය ගැන භයානක හෙළිදරව්වක්



2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී තිබෙනවා.

ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කළේ ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බවයි.

ඒ අනුව මෙරට රෝගීන්ගෙන් 75%ක් පෙනහලුගත ක්ෂය රෝගීන් වන අතර ඔවුන්ගෙන් 60%-65% අතර ප්‍රතිශතයක් සෙමවල විෂබීජ සහිත රෝගීන් වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ අතර ක්ෂය රෝග මරණ සම්බන්ධයෙන් මෙරට සතු අවසන් දත්ත වාර්තාවට අනුව එම වසරේදී පුද්ගලයන් 733දෙනෙක් මරණයට පත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එය සමස්ත රෝගීන්ගෙන් 7.9%ක ප්‍රතිශතයක්ද වනවා.

ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් සඳහන් කළේ ක්ෂය රෝග මරණ ඉහළ යමින් පවතින බවයි.

එළඹෙන 24 වනදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන් හට ක්ෂය රෝගය වැළඳීමේ සම්භාවිතාවය වැඩි බවයි.

(colombotimes.lk)