ඊශ්‍රායලය සමඟ සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉරානයේ සහේදන් ප්‍රදේශයේදීයි.
ඔවුන් සන්තකයේ තිබී ඇමරිකාවේ නිෂ්පාදිත ආයුධ සහ පුපුරන ද්‍රව්‍යයද හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉරාන හමුදාවේ ඉහළම අණදෙන නිලධාරියෙක් වන අබ්දුල් රහීම් මූසාවි චෝදනා කර ඇත්තේ ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ISIS සබඳතා ඇති සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් ඉරානය තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදවා ඇති බවටයි.
(colombotimes.lk)
