05 December 2024


ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් සටනට යන්න ශ්‍රී ලංකාව කළ යුතු දේ



ශ්‍රී ලංකා කණ්ඩායම 2025 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඔවුන් ක්‍රීඩා කරන තරග 3ම ජයග්‍රහණය කළ යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව එක් තරගයක් සහ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමට මෙම ශූරතාවලිය යට‍තේ ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබෙන තරග සංඛ්‍යාව 4ක්.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවයි.

ඉන්දීය කණ්ඩායමට මෙම ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් තරග 2ක් ජයගත යුතු වනවා.

එමෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායමට 2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිත තරග තුනෙන් තරග දෙකක් ජයගත යුතුයි.

ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව එක් තරගයක් සහ පාකිස්ථානයට එරෙහිව තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමට මෙම ශූරතාවලියේ යටතේ ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබෙන තරග සංඛ්‍යාව 6ක්.

ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන් තරග 4ක් ජයග්‍රහණය කළ යුතු වනවා.  

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 2ක් සහ ඉන්දියාවට එරෙහිව තරග 4ක් ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)